Wednesday, November 2, 2011

XM - 25 Gun

දෙවන ලෝක යුද සමයේ ලෝකේ බොහොමයක් බලවත් රටවල් විවිධ යුද උපකරණ හා අවි පිලිබදව පරීක්‍ෂණ පැවැත්වුවා. ඒ වගේම ඒ පරීක්‍ෂණ සාර්ථක කරගෙන ඉතා බලවත් අවි අයුධ නිෂ්පදන කරනු  ලැබුවා. දෙවන ලෝක යුද සාමය තුල තමා දැනට වේගවත්ම යුදමය සොයාගැනීම් කරපු සාමය. අද පවතින බොහොමයක් යුද අවි හා උපකරණ, ගොඩබිම භාවිතා වන යුද ටැංකි හා වාහන, ගුවනේ ඇති ප්‍රහාරක යානා හා  මුහුදේ යාත්‍රා කරන ප්‍රහාරක නැව්, ප්‍රහාරක යානා රැගෙන යන නෞකා වගේ දේවල් නිෂ්පාදනය හා ඒවා නිෂ්පාදනයට පරීක්‍ෂණ ආරම්භ කරලා තියෙන්නේ දෙවන ලෝක යුද සමයයේදී බව සඳහන් වෙනවා.

මගේ කලින් ලිපි වල ප්‍රහාරක යානා රැගෙනව යන නෞකා, ප්‍රහාරක යානා ගැන විස්තර ටිකක් ඉදිරිපත් කලා. එතනිත් වැඩිම ලිපි ගණනක ඉදිරිපත් කලේ ප්‍රහාරක යානා ගැන. සමහර විට ඔයගොල්ලේ හිතනාවා ඇති මේ බ්ලොග් එකේ තියෙන්නේ ප්‍රහාරක යානා ගැන විතරයි කියලා. නෑ නෑ මේක ලෝකේ තියන හැම යුද බලයක් ගැනම කතා කරන තැනක්. හරි වැඩිය කතා ඕනි නෑ, මේ ලිපියේ මාතෘකාවට යමු.

XM-25 කියන්නේ ජර්මනිය හා ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත සුවිශේෂී ගිනිඅවියක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙහෙයුම් තුලදී සතුරාට ප්‍රභල තර්ජනයක් එල්ල කල හැකි අවියක් ලෙස XM-25 අවිය හැඳින්වෙනවා. XM25 Counter Defilade Target Engagement (CDTE) System යන නාමයෙන් හඳුන්වන මේ ප්‍රභල ප්‍රහාරක අවිය බොහෝවිට සැගවුණු සතුරු ඉලක්ක නිෂ්ක්‍රිය කිරීමට භාවිතා කරනු ලබනවා. සුවිශේෂී මෙහෙයුම් සඳහා භාවිතා වන මේ XM-25 "Smart Weapon" එක Punisher සහ Individual Semiautomatic Air Burst System යන නම් වලින්ද හඳුන්වනු ලබනවා. ජර්මනියේ අවි නිෂ්පාදකයෙකු වන Heckler & Koch සහ එක්සත් ජනපදයේ Alliant Techsystems (ATK Corporation) යන සමාගම් එක්ව නිෂ්පාදනය කරනු ලබන XM-25 අවිය 2010 වර්ෂයේ සිට භාවිතා කරනු ලබනවා. 

XM-25 

XM-25
  
XM-25 අවිය ප්‍රධාන වශයෙන් භාවිතා කරනු ලබන්නේ ඇමෙරිකා එක්සත් ජනපද යුදහමුදා මගිනි. එහි භාවිතා කිහිපයක් ඉහත දැක්වේ.

මෙම අවියේ ප්‍රධාන විශේෂත්වය වනුයේ සැගවුණු ඉලක්ක වෙත සාර්ථකව ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවයි. XM-25 අවිය තුල භාවිත වන උණ්ඩ කුඩා අත්බෝම්බ විශේෂයක් වන අතර ඒවා තුල ඉතා ප්‍රභල පුපුරන ද්‍රව්‍ය අඩංගු වන බව සඳහන් වෙනවා. මේ ප්‍රහාරක අවියේ මුලික තොරතුරු ටිකක් කෙටියෙන් දැනගමු.

අවිය අයත් කාණ්ඩය

   Type :   Grenade launcher

නිෂ්පාදනය

   Year :  2010
   Manufacturer :   Heckler & Koch (German) , Alliant Techsystems (USA)

අවියේ ප්‍රමාණය

  Weight :   6.35 kg empty
  Length :   737 mm (29.0 in) 

අවියේ උණ්ඩ

  Cartridge :   Low-velocity 25mm × 40 grenades
 
අවියේ ක්‍රියාකාරිත්වය
 
  Muzzle velocity :    210 m/s
  Feed system :   4-round box magazine
  Operation :   Gas operated semi-automatic

  Effective range :  550 yd (500 m) for point targets
                                765 yd (700 m) for area targets
  Maximum range :   1,000 m 

අවියේ මිල

  Cost :   US$ 25,000 - US$ 35,000












ඉහත දැක්වෙනුයේ XM-25 අවියේ පින්තූර කිහිපයක්.

XM-25 ගැන විශේෂ තොරතුරු

මෙම  අවිය ප්‍රධාන ලෙස ඇෆ්ගනිස්ථාන යුද්ධයේදී ඇමෙරිකානු හමුදා විසින් භාවිතා කරනු ලබන අතර බිත්තියක් පිටුපස හෝ ගොඩනැගිල්ලක් තුල හෝ බංකරයක් තුල හෝ සිටින සතුරා වෙත ප්‍රහාර එල්ල කර සතුරා සාර්ථකව අඩපණ කල හැකි තාක්ෂණයක් හා වෙඩි බලයක් මෙම අවිය සතුවනවා. XM-25 අවිය සතුව 500m පමණ ඍජු ඉලක්ක (Point Target) පරාසයකටද , 700m පමණ දුරක් දක්වා ඇති යම වපසරියකින් යුතු ඉලක්කයක පරසයකටද සාර්ථකව ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් පවතිනවා. මෙලෙස සැඟවුණු ඉලක්ක සාර්ථකව හඳුනාගැනීමට මෙම අවිය සතුව ඉලක්ක ග්‍රහණය කරගැනීමේ උපකරණ (Target acquisition/fire control) ඉහල දායකත්වයක් ලබාදෙනවා. ඉන් එක් උපකරණයක් වන Laser Rangefinder මඟින් ඉලක්කයට ඇති දුර හඳුහගත හැකි අතර අවිය භාවිතා කරන්නාට එම දුර උපරිම 3m ප්‍රමාණයකින් වෙනස්කල හැක (එනම් -3m to +3m). එමගින් ඉලක්කයට සාර්ථකව ප්‍රහාර එල්ල කල හැක (3m වෙනස් කිරීමේ හැකියාව ඇත්තේ ඉලක්කයේ සිදුවන සෙලවීම් වලන් සිදුවන බලපෑම අවම කර ගැනීම සඳහා). මෙහිදී උණ්ඩයට (ප්‍රභල කුඩා අත්බෝම්බයට) පිපිරීමේ දුර (detonating distance) අවිය මගින් එහි වෙඩිතැබීමේ කුටිය (firing chamber) තුලදී ස්වoක්‍රියාව ලබාදෙනවා. උදාහරණයක්‌ ලෙස යම් බිත්තියක් පිටුපස සැගවී සිටින ඉලක්කයක් ඉලක්ක ග්‍රාහක උපකරණ මගින් හඳුනාගත් පසු, Laser Rangefinder මගින් හඳුනාගත් ඉලක්කය සැගවී ඇති බිත්තියට දුර නීර්ණය කරනවා. පසුව අවිය මගින් detonating distance වැඩිකර උණ්ඩය (කුඩා අත්බෝම්බය) ඉලක්කය අසල පිපිරීමට සැලස්වනවා. 

(උපුටාගැනීමකි)
   
අවියේ  ඉහළින් රඳවා ඇති Laser Rangefinder ඇතුළු උපකරණ කට්ටලය Target acquisition/fire control යන නමින් ඉහත සඳහන් කල පරිදි හඳුන්වනු ලබනවා. මෙහි වැදගත් උපකරණ කිහිපයක්ම අඩංගු වන අතර 4x thermal sight with zoom කොටස මගින් අඳුරු අවස්ථාවල හෝ යම් ආවරණයකින් (බිත්තියකින්) වැසී ඇති ඉලක්ක තාපජ දක්නායක් භාවිතය මඟින් 4 ගුණයක් දක්වා වූ විශාලන පෙනීමක් ලබාදෙනවා. 2x direct view optical sight මඟින් 2 ගුණයක් දක්වා වූ විශාලන ඍජු පෙනීමක්ද ලබාදෙනවා. ඒවගේම Ballistic computer, Digital compass, Laser rangefinder, Ammunition fuze setter ,Environmental sensors යන උපකරණද මෙහි අඩංගු වෙනවා. මේ සියලුම අති නවීන උපකරණ හේතුවෙන් මෙම අවියට ඉතා ඉහල කාර්යක්ෂමතාවක් ලැබිල තියනවා.              

 
Ammo - 25 mm විශේෂ කුඩා අත්බෝම්බය (Grenade)

මෙම 25mm Grenade එක තුල විවිධ සංවේදය උපකරණ හා රේඩියෝ තරංග ප්‍රතිග්‍රාහක උපකරණද අඩංගු වෙනවා. මෙම අත්බෝම්බය අවිය මගින් ලබාදුන් පිපුරුම් දුරට (detonating distance) පැමිණෙනතුරු පිපුරුමක් කිසිවිටෙකත් සිදු නොවේ. එමෙන්ම මෙය තුල අඩංගු පුපුරන ද්‍රව්‍ය ඉතා ඉහල ක්‍රියාකාරීත්වයෙන් යුක්ත වෙනවා.


             
(උපුටාගැනීමකි)


 කියවලා බලලා හොඳ නරක ගැන පුලුවන්නම් Comment  එකක් දාලා යන්න..............................

2 comments:

  1. ලිපිය දිග වැඩි වුණත් අන්තිමට දාල තියෙන විස්තර හුඟක් වැදගත්. සිංහල බ්ලොග්කරණ තරඟාවලියටත් අයදුම් කරන්න.
    http://www.sahithya.lk/sinhala-blogging-competition

    මේ තරඟාවලියට ඉදිරිපත්කරලා තියෙන ඇතැම් බ්ලොග් එක්ක බලද්දි මේ බ්ලොග් එකේ අන්තර්ගතය හොඳයි. (බ්ලොග් ලිස්ට් එක http://www.sahithya.lk/sinhala-blogging-competition/list)

    සුබ පැතුම් !

    ReplyDelete
  2. Comment එකට ගොඩක් ස්තුතියි.
    සිංහල බ්ලොග්කරණ තරඟාවලියට අයදුම් කරන්න පරක්‌කු වැඩී. 2011/10/02 තමා බ්ලොග් අඩවි භාරගත්ත අවසාන දිනය. මොනවා වුනත් යෝජනාවට බොහොම ස්තුතී.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...