Monday, October 17, 2011

Mil Mi-24

Mi-24 කියන නම අහනවිට නම් එක නම් ගොඩක් හුරුපුරුදු නමක් කියල මතක වෙනවා නේද. 2007, 2008, 2009 වගේ අවුරුදුවල නම් මේ නම ලංකාවේ ලොකු කුඩා කොයි කටත් ගොඩක් හුරුපුරුදු නමක්. ඒ මතකය නිසා දැනටත් Mi-24 කියන නම කටත් අමතක වෙලානම් නැතුව ඇති. පියාඹන යුදටැංකිය විදිහට හඳුන්වන මේ ප්‍රභල ප්‍රහාරක හෙලිකොප්ටර යානය ලොව වඩාත් ප්‍රචලිත ප්‍රහාරක හෙලිකොප්ටර යානා වලින් එකක් ලෙස හැඳින්වෙනවා.

ලංකාවේ අපි කාගේත් අදුරු මතකයක් වන උතුරු නැගෙනහිර යුද සමය අවසාන වන වසර කිහිපය තුළ විවිධ මාධ්‍ය ඔස්සේ අපිට අහන්න දකින ලැබුණු කරුණක් තමා Mi-24 ප්‍රහාරක බලය යොදාගන කරපු විශිෂ්ට මෙහෙයුම් සම්බන්ධ තොරතුරු. ඒ කොහොම වුනත් මේ ප්‍රහාරක හෙලිකොප්ටර යානා අපේ ගුවන් හමුදා සතුව තිබුනත්, මේව භාවිත කරන්නට සිදුවන අවස්ථාවක් අනාගතයේදී නොපැමිණේවයි අපි ප්‍රර්ථනා කරමු.

සෝවියට් පාලන සමයේ Mil Moscow Helicopter Plan සමාගම විසින් නිෂ්පාදනය කල මෙම යානය අද රුසියනු ගුවන් හමුදා ප්‍රධාන වශයෙන් භාවිතා කරයි. මීට අමතරව ඇමෙරිකාව, ඉන්දියාව, දකුණු කොරියාව, සෞදි අරාබිය, ශ්‍රී ලංකාව වගේ රාජ්‍යන් ඇතුලත්ව රාජ්‍ය 50 පමණ ගුවන් හමුදා විසින් මේ හෙලිකොප්ටර යානය භාවිතා කරයි. 1972 හඳුන්වාදුන් මේ යානය බහු කාර්ය යානයක් ලෙස සැලකෙනවා. ප්‍රහාර එල්ල කිරීම වගේම මගීන් (භට කණ්ඩයක්) 8 දෙනෙකු ප්‍රවාහනය කිරීමේ හැකියාව මේ යානාව සතු වෙනවා. දැනට 2000 පමණ නිපදව ඇති මේ ප්‍රහාරක හෙලිකොප්ටර යානා "gunship helicopters" ලෙසද හඳුන්වයි. යුද බිමෙදී Mi-24 ප්‍රහාරක බලය,  සතුරු කඳවුරු, සතුරු බරඅවි විනාශ කරමින් භුමියේ සිටින හමුදා වෙත ලබාදෙන්නේ නොමද සහයකි. Rockets, AT missiles, cannons, bombs වගේ ප්‍රභල ප්‍රහාරක අවි වලින් සංනද්ධ මේ පියාඹන යුදටැංකිය බටහිර රටවල නිපදවා ඇති ප්‍රහාරක හෙලිකොප්ටර යානා වලට වඩා බෙහෙවින් අවිමත් ආරක්ෂිත ආවරණයකින් සමන්විත වෙනවා.

Mi-24 Helicopter

Mi-8 පැරණි සංස්කරණය හා Mi-28 නවතම සංස්කරණයකින්ද සමන්විත් මේ ප්‍රහාරක යානයේ ආරක්ෂක ආවරණය ටයිටේනියම් හා සෙරමික් (titanium and ceramic) විශේෂයකින් තනා ඇත. මෙම ආවරණය යානයේ වැදගත් පෙදෙස් ආරක්ෂා කරමින් 23 mm ප්‍රභල වෙඩි ප්‍රහාරයකට වුවද ඔරෝත්තුදේ. ඒවගේම 12.7 mm හෝ .50 BMG යන වෙඩි උණ්ඩ වලට වුවද යානයේ ඉදිරි පෙදෙස ආරක්‍ෂිත වේ. Mi-24 යානා නිෂ්පාදනය කරනු ලැබුවේ විශේෂයෙන් සතුරු ඉලක්ක වෙත බරපතල ලෙස ප්‍රහාර එල්ල කිරීම සඳහායි. ඒ දෙවන ලෝක යුද සමයේ ගුවන් යානා යොදාගන සිදුකලා කාර්යන්ට සමාන කාර්යක් ඉටුකිරීම සඳහා වේ.

Mi-24  හෙලිකොප්ටර යානයට බලය ලැබෙනුයේ top-mounted turboshaft එන්ජින් දෙකක් මගින්, තල හතරකින් යුතු ප්‍රධාන භ්‍රමකය (rotor) හා තල තුනකින් යුතු පසුපස භ්‍රමකයට (tail-rotor) බලය සපයිමෙනි.  මේ යානයේ ප්‍රහාරක පියාසර පරාසය 450 km - 1000 km පමණ වේ.











 
Mi-24 ප්‍රහාරක හෙලිකොප්ටර යානය ගැන කෙටියෙන් දැනගමු..................

ප්‍රහාරක හෙලිකොප්ටර යානයේ විශාලත්වය        

Length -   17.5 m (57 ft)
Wingspan -  6.5 m (21 ft)
Height -  6.5 m (21 f)
Rotor diameter -  17.3 m (56 ft)

Weight (Empty) - 8500 kg
Maximum Takeoff Weight -  12000 kg

හෙලිකොප්ටර යානයේ වේගය

Maximum Speed -  335 kmph (දැනට පවතින වේගවත්ම හෙලිකොප්ටර යානා වලින් එකකි)

හෙලිකොප්ටර යානයට බලය 

Powerplant -  Two Klimov TV3-117 turboshafts at 2190 shp (1635 kW) driving five blade main rotor and 3-blade tail rotor
හෙලිකොප්ටර යානය මෙහෙයවීම
  
තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ප්‍රහාරක හෙලිකොප්ටර මෙහෙයවීමට මේ යානය තුලගමන කල හැක. ඒ Pilot, Weapons system officer සහ Technician ලෙසයි. නමුත්, සාමාන්‍යයෙන් මෙහි Pilot සහ Weapon system officer පමණක් යානය මෙහෙයවීම් සඳහා ගමන් කරයි. 
ප්‍රහාරක හෙලිකොප්ටර යානයේ භාවිතා වන යුදඅවි     
  • 12.7 mm Yakushev-Borzov Yak-B Gatling gun -  ප්‍රභල ප්‍රහාරක වෙඩි බලයක් හිමි මේ ස්වංක්‍රීය අවිය සෝවියට් සංගමය මගින් නිෂ්පාදනය කරනලද්දක්‌ වේ. 12.7mm x 108mm උණ්ඩ යෙදිය හැකි මේ අවිය ගිනිඅවි බට හතරකින් (four-barrel) සමන්විත් වේ. මේවා මිනිතුවට වට 4000-5000 (rpm) අතර වේගයකින් භ්‍රමනය වෙමින් උණ්ඩ නිකුත් කල හැක. මෙම උණ්ඩ 810 m/s වේගයකින් නිකුත්වන අතර අවිය 45 kg පමණ බරින් යුක්තවේ. 
12.7mm Yak-B four-barrel Gun
  • UB-32 S-5 rocket launchers - සෝවියට් සංගමය විසින් නිෂ්පාදනය කර ඇති මේ UB-32 rocket රඳවනය S-5 rocket දියත් කිරීම සඳහා යොදාගනී. මෙම S-5 Rocket එකක් 1.4 m පමණ වන අතර බර 5 kg  වේ. ප්‍රහාරක පරාසය 3 km - 4 km අතර වේ.
S-5 Rocket

UB-32 Rocket Launcher
  •  Bombs within weight range up to 500 kg.

    1 comment:

    1. නීයමයි මචන් වැඩේ.මේ වගේ එකක් සින්හලෙන් කරන එක ගොඩක් වටිනව. දිගටම කරගන යන්න.

      ReplyDelete

    Related Posts Plugin for WordPress, Blogger...