Tuesday, November 15, 2011

M1A1 / M1A2 Abrams Tank

දවස් ගණනක්ම අලුත් ලිපියක් දන්නා හිතාගෙන හිටියත් වැඩ වැඩි නිසා බැරිවුනා. ඒත් අදනම් කොහොම හරි පොස්ට් එකක් දානවම කියල වැඩ පටන් ගත්තා. මගේ මීට කලින් ලිපියේ smart weapon  එකක් ගැන විස්තර කිව්වා. කියවන්න බැරිවුනානම් ඒ ලිපියත් අනිවාර්යයෙන්ම කියවන්න. මට හිතෙන්නේ එකේ තියන විස්තරත් මේගැන උනන්දුව තියන අයට ගොඩක් වටිනවා කියල. අද විස්තර කියන්න යන්නේ මගේ කලින් ලිපි එකකවත් නොකියවුණු යුදටැංකියකි ගැන. ඒ වචනේ අපි කවුරුත් හොදට අහලා තියනවනි. ඒත් මම අද කියන්න යන්නේ ටිකක් විශේෂ යුද ටැංකියකි දෙකක් ගැන. මේක ලෝකේ තියන යුද ටැංකි අතරින් ප්‍රභලතම ඒවායින් දෙකක් කියල කියන්න පුළුවන්. ඒ තමයි M1A1, M1A2 Abrams යුද ටැංකි.

ඇමෙරිකා එක්සත් ජනපදය මගින් නිෂ්පාදනය කරනලද මේ යුද ටැංකිය අද රටවල් කිහිපයන්ම භාවිතා කරනවා. මේ අතරින් ඇමෙරිකාව විශේෂයි. M1A1, M1A2 Abrams කියන මේ යුද ටැංකිය M1  යන නමින් එන යුද ටැංකිවල සංස්කරණයක් කියල හඳුන්වල දෙන්න පුළුවන්. 1983දී ඇමෙරිකානු යුද හමුදාවට එක්වූ මේ ප්‍රබහල ප්‍රහාරක යුද ටැංකිය 1972 - 1979 කාල වකවානුව තුල සැලසුම් කරලා තියනවා. M1 Abrms කියන යුද ටැංකිය තාමා මුලින්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ. පස්සේ ආපු නව සංස්කරණ වන M1A1 හා M1A2, වල පොඩි වෙනස්කම් ටිකක් තම තියෙන්නේ. Abrams කියන වචනේ අහනකොට කාගේ හරි නමක් කියල වගේ හිතෙනවා නේද. ඕව් එක එහෙම තමා, වියට්නාම යුද සමයේ, 1967 - 1972 කාලය තුල ඇමෙරිකා යුද හමුදාවේ හමුදාපතිව සිටි, ජෙනරාල්   Creighton Abrams සිහිවීම සඳහා තමයි M1 Abrams  කියන නම යොදලා තියෙන්නේ. මෙම යුද ටැංකි ප්‍රභල ලෙස අයුධ වලින් සංනද්ධ, වර්තමානයේ ඕනෑම යුදබිමකට ගැලපෙන, සතුරාට ප්‍රභල ලෙස ප්‍රහාර එල්ලකල හැකි ප්‍රභල අවියක් ලෙස හඳුන්වන්න පුළුවන්. 

විස්තර ටිකක් කිවුව නිසා මේ යුද ටැංකි මොන වගේද කියල බලමු.

M1A1 Adrams Tank

M1A1 Adrams Tank

M1A2 Adrams Tank

1980  වර්ෂයේදී මේ යුද ටැංක, එකල තිබු M60 යුද ටැංකි වෙනුවට භාවිතයට ගැනීම ආරම්භ කරනු ලැබුවා. මෙම යුද ටැංකි ඔස්ට්‍රලියව, ඊජිප්තුව, කුවේට්, සෞදි අරාබිය, ඉරාකය වගේ රටවල් වල ඇමෙරිකාවට අමතරව භාවිතා කරනු ලබනවා. ගල්ෆ් යුද්ධයේදී, ඉරක යුද්ධයේදී හා ඇෆ්ගනිස්ථාන යුද්ධයේදී මේ යුද ටැංකි වලින් විශාල වශයෙන් ප්‍රයෝජන අරන් තියනවා. M1 Adrams 1979-1985 කාලය තුල නිෂ්පාදනය කරනු ලැබූ අතර , M1A1 Adrams 1986-1992  කාලය තුලද, M1A2 Adrams 1992 සිට අද දක්වාද නිෂ්පාදනය කරනු ලබනවා. මෙහි නවතම සංස්කරණය වන M1A3 Adrams මේ දවස්වල සැලසුම් කරමින් තිබෙනවා. M1 Adrams යුද ටැංකිය සැලසුම් කරනු ලැබුවේ ඇමෙරිකාවේ, එකල Chrysler Defense යන නමින් හඳුන්වන, නමුත් දැන් General Dynamics Land Systems යන නමින් හඳුන්වන සමාගම වන අතර Lima Army Tank Plant,  Detroit Arsenal Tank Plant යන ඇමෙරිකානු සමාගම් මගින් මෙම යුද ටැංකිය නිෂ්පාදනය කරනු ලබනවා. මේ වනවිට M1 Adrams යුද ටැංකි 9000 ට වැඩ නිෂ්පාදනය කරලා තියනවා.

යුද ටැංකිය ගැන කෙටියෙන් දැනගමු........................................

යුද ටැංකියේ විශාලත්වය
M1 Adrams
  • Length  :  32.04 ft (9.77 m)
  • Width  :  12 ft (3.7 m)
  • Height  :  7.79 ft (2.37 m)
  • Weight  :  55 tons 
  • Crew  :  4 (commander, gunner, loader, driver)
M1A1 Adrams
  • Length  :  32.04 ft (9.77 m)
  • Width  :  12 ft (3.7 m)
  • Height  :  8.0 ft (2.4 m)
  • Weight  :  61 tons 
  • Crew  :  4 (commander, gunner, loader, driver)
M1A2 Adrams
  • Length  :  32.04 ft (9.77 m)
  • Width  :  12 ft (3.7 m)
  • Height  :  8.0 ft (2.4 m)
  • Weight  :  63 tons 
  • Crew  :  4 (commander, gunner, loader, driver)

යුද ටැංකියේ  වේගය


M1 Adrams
  • Maximum Speed  :  72 kmph
M1A1 Adrams
  • Maximum Speed  :  66.8 kmph
M1A2 Adrams
  • Maximum Speed  :  68 kmph


යුද ටැංකියට බලය


Engine  :  Honeywell AGT1500C multi-fuel turbine engine 1,500 hp (1,120 kW)


යුද ටැංකියේ මිල


Cost  :  US$ 7.9 million (M1A2)


යුද ටැංකියේ ප්‍රහාරක බලය


Main Armament 
  • M1 Adrams  :  105 mm L52 M68 rifled cannon
  • M1A1/M1A2 Adrams  :  120 mm L44 M256 smooth bore cannon with 42 rounds 
Secondary Armament
  • 1 x .50-caliber (12.7 mm) M2HB heavy machine gun with 900 rounds
  • 2 x 7.62 mm (.308) M240 machine guns with 8,800 rounds

යුද ටැංකියේ සේවා පරාසය


M1 Adrams
  • Range  :  500 km
M1A1 Adrams
  • Range  :  463 km
M1A2 Adrams
  • Range  : 391 km
















යුද ටැංකිය ගැන විශේෂ තොරතුරු
 
මෙම යුද ටැංකි සතුව ඉන්ධන ගැලුම් 500 පමණ ගබඩා කල හැකි ඉන්ධන ටැංකි තිබෙන අතර JP8 jet fuel ඉන්ධන මේවගේ gas turbine engine සඳහා භාවිතා කරනු ලබනවා. මෙම යුද ටැංකි වල ගියර පද්ධතිය ලෙස Hydro Kinetic Transmission පද්ධතියක් භාවිතා කරනු ලබන අතරම එයට ඉදිරියට ගමන කරන විට වේග 4 ක ගියරද, පසුපසට ගමන කරන විට වේග 2 ක ගියරද ඇතුලත් වෙනවා. තත්පර 7 පමණ කාලයක් ඇතුලත මෙම යුද ටැංකි වලට 20 mph පමණ වේගයක් ලබාගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම මේ යුද ටැංකි සතුව Torsion bar suspension පද්ධතියක් ඇතුලත් වන අතර මෙම යුද ටන්කෝ වලව අඩි 9 ක පමණ තිරස් අගලක් හෝ කණුවක් මතින් වුවද පහසුවෙන් ගමන කල හැක. මෙම යුද ටැංකි වල M1A1 හා M1A2 වල ඇති 120mm අවි වලින් ප්‍රහාර එල්ල කරන විට යුද ටැංකියේ සිට 50m ක අරයකින් යුතු පෙදෙස ප්‍රහාරය නිසා ඇතිවන අධික ශබ්දය හා ඉහල පීඩනය ඉතා ඉහල කොටස ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම 500m ක පමණ අරයකින් යුතු පෙදෙස තුල ප්‍රහාර එල්ල කරන අවස්ථාවල කන ආවරණ (Hearing Protection) යොදා සිටිය යුතු බව සඳහන් වෙනවා.       


කියවලා බලලා නිකම්ම යන්න එපා ඉතින්, හොඳ නරක ගැන පුලුවන්නම් Comment  එකක් දාලා යන්න..............................


    Wednesday, November 2, 2011

    XM - 25 Gun

    දෙවන ලෝක යුද සමයේ ලෝකේ බොහොමයක් බලවත් රටවල් විවිධ යුද උපකරණ හා අවි පිලිබදව පරීක්‍ෂණ පැවැත්වුවා. ඒ වගේම ඒ පරීක්‍ෂණ සාර්ථක කරගෙන ඉතා බලවත් අවි අයුධ නිෂ්පදන කරනු  ලැබුවා. දෙවන ලෝක යුද සාමය තුල තමා දැනට වේගවත්ම යුදමය සොයාගැනීම් කරපු සාමය. අද පවතින බොහොමයක් යුද අවි හා උපකරණ, ගොඩබිම භාවිතා වන යුද ටැංකි හා වාහන, ගුවනේ ඇති ප්‍රහාරක යානා හා  මුහුදේ යාත්‍රා කරන ප්‍රහාරක නැව්, ප්‍රහාරක යානා රැගෙන යන නෞකා වගේ දේවල් නිෂ්පාදනය හා ඒවා නිෂ්පාදනයට පරීක්‍ෂණ ආරම්භ කරලා තියෙන්නේ දෙවන ලෝක යුද සමයයේදී බව සඳහන් වෙනවා.

    මගේ කලින් ලිපි වල ප්‍රහාරක යානා රැගෙනව යන නෞකා, ප්‍රහාරක යානා ගැන විස්තර ටිකක් ඉදිරිපත් කලා. එතනිත් වැඩිම ලිපි ගණනක ඉදිරිපත් කලේ ප්‍රහාරක යානා ගැන. සමහර විට ඔයගොල්ලේ හිතනාවා ඇති මේ බ්ලොග් එකේ තියෙන්නේ ප්‍රහාරක යානා ගැන විතරයි කියලා. නෑ නෑ මේක ලෝකේ තියන හැම යුද බලයක් ගැනම කතා කරන තැනක්. හරි වැඩිය කතා ඕනි නෑ, මේ ලිපියේ මාතෘකාවට යමු.

    XM-25 කියන්නේ ජර්මනිය හා ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත සුවිශේෂී ගිනිඅවියක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙහෙයුම් තුලදී සතුරාට ප්‍රභල තර්ජනයක් එල්ල කල හැකි අවියක් ලෙස XM-25 අවිය හැඳින්වෙනවා. XM25 Counter Defilade Target Engagement (CDTE) System යන නාමයෙන් හඳුන්වන මේ ප්‍රභල ප්‍රහාරක අවිය බොහෝවිට සැගවුණු සතුරු ඉලක්ක නිෂ්ක්‍රිය කිරීමට භාවිතා කරනු ලබනවා. සුවිශේෂී මෙහෙයුම් සඳහා භාවිතා වන මේ XM-25 "Smart Weapon" එක Punisher සහ Individual Semiautomatic Air Burst System යන නම් වලින්ද හඳුන්වනු ලබනවා. ජර්මනියේ අවි නිෂ්පාදකයෙකු වන Heckler & Koch සහ එක්සත් ජනපදයේ Alliant Techsystems (ATK Corporation) යන සමාගම් එක්ව නිෂ්පාදනය කරනු ලබන XM-25 අවිය 2010 වර්ෂයේ සිට භාවිතා කරනු ලබනවා. 

    XM-25 

    XM-25
      
    XM-25 අවිය ප්‍රධාන වශයෙන් භාවිතා කරනු ලබන්නේ ඇමෙරිකා එක්සත් ජනපද යුදහමුදා මගිනි. එහි භාවිතා කිහිපයක් ඉහත දැක්වේ.

    මෙම අවියේ ප්‍රධාන විශේෂත්වය වනුයේ සැගවුණු ඉලක්ක වෙත සාර්ථකව ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවයි. XM-25 අවිය තුල භාවිත වන උණ්ඩ කුඩා අත්බෝම්බ විශේෂයක් වන අතර ඒවා තුල ඉතා ප්‍රභල පුපුරන ද්‍රව්‍ය අඩංගු වන බව සඳහන් වෙනවා. මේ ප්‍රහාරක අවියේ මුලික තොරතුරු ටිකක් කෙටියෙන් දැනගමු.

    අවිය අයත් කාණ්ඩය

       Type :   Grenade launcher

    නිෂ්පාදනය

       Year :  2010
       Manufacturer :   Heckler & Koch (German) , Alliant Techsystems (USA)

    අවියේ ප්‍රමාණය

      Weight :   6.35 kg empty
      Length :   737 mm (29.0 in) 

    අවියේ උණ්ඩ

      Cartridge :   Low-velocity 25mm × 40 grenades
     
    අවියේ ක්‍රියාකාරිත්වය
     
      Muzzle velocity :    210 m/s
      Feed system :   4-round box magazine
      Operation :   Gas operated semi-automatic

      Effective range :  550 yd (500 m) for point targets
                                    765 yd (700 m) for area targets
      Maximum range :   1,000 m 

    අවියේ මිල

      Cost :   US$ 25,000 - US$ 35,000












    ඉහත දැක්වෙනුයේ XM-25 අවියේ පින්තූර කිහිපයක්.

    XM-25 ගැන විශේෂ තොරතුරු

    මෙම  අවිය ප්‍රධාන ලෙස ඇෆ්ගනිස්ථාන යුද්ධයේදී ඇමෙරිකානු හමුදා විසින් භාවිතා කරනු ලබන අතර බිත්තියක් පිටුපස හෝ ගොඩනැගිල්ලක් තුල හෝ බංකරයක් තුල හෝ සිටින සතුරා වෙත ප්‍රහාර එල්ල කර සතුරා සාර්ථකව අඩපණ කල හැකි තාක්ෂණයක් හා වෙඩි බලයක් මෙම අවිය සතුවනවා. XM-25 අවිය සතුව 500m පමණ ඍජු ඉලක්ක (Point Target) පරාසයකටද , 700m පමණ දුරක් දක්වා ඇති යම වපසරියකින් යුතු ඉලක්කයක පරසයකටද සාර්ථකව ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් පවතිනවා. මෙලෙස සැඟවුණු ඉලක්ක සාර්ථකව හඳුනාගැනීමට මෙම අවිය සතුව ඉලක්ක ග්‍රහණය කරගැනීමේ උපකරණ (Target acquisition/fire control) ඉහල දායකත්වයක් ලබාදෙනවා. ඉන් එක් උපකරණයක් වන Laser Rangefinder මඟින් ඉලක්කයට ඇති දුර හඳුහගත හැකි අතර අවිය භාවිතා කරන්නාට එම දුර උපරිම 3m ප්‍රමාණයකින් වෙනස්කල හැක (එනම් -3m to +3m). එමගින් ඉලක්කයට සාර්ථකව ප්‍රහාර එල්ල කල හැක (3m වෙනස් කිරීමේ හැකියාව ඇත්තේ ඉලක්කයේ සිදුවන සෙලවීම් වලන් සිදුවන බලපෑම අවම කර ගැනීම සඳහා). මෙහිදී උණ්ඩයට (ප්‍රභල කුඩා අත්බෝම්බයට) පිපිරීමේ දුර (detonating distance) අවිය මගින් එහි වෙඩිතැබීමේ කුටිය (firing chamber) තුලදී ස්වoක්‍රියාව ලබාදෙනවා. උදාහරණයක්‌ ලෙස යම් බිත්තියක් පිටුපස සැගවී සිටින ඉලක්කයක් ඉලක්ක ග්‍රාහක උපකරණ මගින් හඳුනාගත් පසු, Laser Rangefinder මගින් හඳුනාගත් ඉලක්කය සැගවී ඇති බිත්තියට දුර නීර්ණය කරනවා. පසුව අවිය මගින් detonating distance වැඩිකර උණ්ඩය (කුඩා අත්බෝම්බය) ඉලක්කය අසල පිපිරීමට සැලස්වනවා. 

    (උපුටාගැනීමකි)
       
    අවියේ  ඉහළින් රඳවා ඇති Laser Rangefinder ඇතුළු උපකරණ කට්ටලය Target acquisition/fire control යන නමින් ඉහත සඳහන් කල පරිදි හඳුන්වනු ලබනවා. මෙහි වැදගත් උපකරණ කිහිපයක්ම අඩංගු වන අතර 4x thermal sight with zoom කොටස මගින් අඳුරු අවස්ථාවල හෝ යම් ආවරණයකින් (බිත්තියකින්) වැසී ඇති ඉලක්ක තාපජ දක්නායක් භාවිතය මඟින් 4 ගුණයක් දක්වා වූ විශාලන පෙනීමක් ලබාදෙනවා. 2x direct view optical sight මඟින් 2 ගුණයක් දක්වා වූ විශාලන ඍජු පෙනීමක්ද ලබාදෙනවා. ඒවගේම Ballistic computer, Digital compass, Laser rangefinder, Ammunition fuze setter ,Environmental sensors යන උපකරණද මෙහි අඩංගු වෙනවා. මේ සියලුම අති නවීන උපකරණ හේතුවෙන් මෙම අවියට ඉතා ඉහල කාර්යක්ෂමතාවක් ලැබිල තියනවා.              

     
    Ammo - 25 mm විශේෂ කුඩා අත්බෝම්බය (Grenade)

    මෙම 25mm Grenade එක තුල විවිධ සංවේදය උපකරණ හා රේඩියෝ තරංග ප්‍රතිග්‍රාහක උපකරණද අඩංගු වෙනවා. මෙම අත්බෝම්බය අවිය මගින් ලබාදුන් පිපුරුම් දුරට (detonating distance) පැමිණෙනතුරු පිපුරුමක් කිසිවිටෙකත් සිදු නොවේ. එමෙන්ම මෙය තුල අඩංගු පුපුරන ද්‍රව්‍ය ඉතා ඉහල ක්‍රියාකාරීත්වයෙන් යුක්ත වෙනවා.


                 
    (උපුටාගැනීමකි)


     කියවලා බලලා හොඳ නරක ගැන පුලුවන්නම් Comment  එකක් දාලා යන්න..............................

    Monday, October 24, 2011

    Top 10 Air Forces of the World - Part 2


    Visit - Top 10 Air Forces of the World - Part 1

    5. France Air Force




    ප්‍රංශ ගුවන් හමුදාව 1903 දී ප්‍රංශ හමුදාවේ කොටසක් ලෙස ආරම්භ කරන ලදී. පසුව 1933 දී මෙය වෙනමම හමුදාවක් ලෙස ස්ථාපිත කරනු ලැබුවා. ප්‍රංශ ගුවන් හමුදාව NATO සාමාජික රටවල් තුල හතරවන විශාලතම ගුවන් හමුදා සේනාංකය වේ. මෙම ගුවන් හමුදා සේනාංකය ගැන කෙටියෙන් විස්තර ටිකක් කියන්නම්.


    Total Aircraft - 780
    Personnel -  50,000+
    Chief of Staff  -  Général d'Armée aérienne Jean-Paul Paloméros
    Combat Aircraft - Dassault Mirage 2000-5, Dassault Rafale, Dassault Mirage F1, Dassault Mirage 2000N(Nuclear strike)
    Helicopter -  Eurocopter EC725 Caracal, Eurocopter AS532 Cougar, Eurocopter AS332 Super Puma, Eurocopter AS555 Fennec
    Transport - Airbus A400M, SOCATA TBM, Lockheed C-130 Hercules, Transall C-160



    CASA/IPTN CN-235
    Dassault Mirage F1
    Airbus A340
    Mirage 2000 C/B/D/N/5F

    Rafale B/C/M
    Eurocopter EC665 Tiger
    Dassault Mirage F1

    4. Royal Air Force (United Kingdom)  



    රාජකීය ගුවන් හමුදාව හෙවත් එක්සත් රාජධානියේ ගුවන් හමුදාව ලොව ප්‍රමුක ස්ථානයක පසුවන හමුදාවක්. යුරෝපයේ විශාලතම හා NATO සාමාජික රටවල දෙවන විශාලතම ගුවන් හමුදාව වන මේ හමුදාව 1918 ආරම්භ කර ඇත. මෙම ගුවන් හමුදා සේනාංකය ගැන කෙටියෙන් විස්තර ටිකක් දැනගමු.




    Total Aircraft -1000+
    Personnel - 42 000 + 33,400 Royal Air Force Reserve
    Chief of Staff  -  Air Chief Marshal Sir Stephen Dalton KCB
    Combat Aircraft - Eurofighter Typhoon FGR4, Tornado GR4, Eurofighter Typhoon F2   
    Helicopter - Merlin HC3, Chinook HC2, Puma HC1 
    Transport -C-17 Globemaster III, Hercules C5 (C-130J), TriStar K1, VC10 C1K 


    Eurofighter Typhoon FGR4 

    Tornado GR4

    Eurofighter Typhoon F2 

    Sentry AEW1 

    MQ-9 Reaper 

    Sentinel R1 

    Merlin HC3 

    Chinook HC2 

    Puma HC1 

    Hercules C5 (C-130J) 

    C-17 Globemaster III 

    F-35 Lightning II 

    3. Republic of China Air Force



    ලොව වේගවත්ම සංවර්ධනය හිමි, ලෝක දෙවන විශාලතම ආර්ථිකය හිමි  චීන සමුහාණ්ඩුවටද ලෝකේ ප්‍රභලතම ගුවන් හමුදාවදා වලින් එකක් අයත් වෙනවා. 1920 ආරම්භ කරන ලද මේ ගුවන් හමුදාව එරට ජාතික ආරක්ෂක අමාත්‍යංශයට අයත් වේ. චීනය ප්‍රභල මිසයිල ආරක්ෂණ පද්ධතියකින්ද තම ගුවනේ ආරක්ෂාව තහවුරු කරනු ලබනවා. මෙම ගුවන් හමුදා සේනාංකය ගැන කෙටියෙන් විස්තර ටිකක් කියන්නම්.


    Total Aircraft -500+
    Personnel - 63 000+
    Commander   -  General Li Tien-yu
    Combat Aircraft - Lockheed F-16 Fighting Falcon, Dassault Mirage 2000-5, AIDC F-CK-1 Ching-kuo, Northrop F-5E/F Tiger II
    Helicopter -Eurocopter EC-225 Super Puma, Sikorsky S-70C Blue Hawk
    Transport -  Lockheed C-130 Hercules, Beechcraft 1900C, Fokker F50, Boeing 737
         

    F-16 Fighting Falcon

    Boeing 737

    F-5E

    Mirage 2000-5Di


    AIDC F-CK-1 Ching-kuo


    2. Russia Air Force



    ලොව විශාලතම රාජ්‍ය වන රුසියාව ලොව දෙවන විශාලතම ගුවන් හමුදාවට උරුමකම් කියනවා. 1991-1992 කාලය තුල සෝවියට් සංගමයේ බිදවැටීමෙන් පසු 1992 රුසියානු ගුවන් හමුදාව ලෙස සෝවියට් ගුවන් හමුදාව ස්ථාපිත කරනු ලැබුවා. මෙම ගුවන් හමුදා සේනාංකය ගැන කෙටියෙන් විස්තර ටිකක් දැනගමු.

    Total Aircraft -3000+
    Personnel - 210 000
    Commander   -  Colonel General Alexander Zelin
    Combat Aircraft -  Sukhoi Su-27, Sukhoi Su-35, Mikoyan MiG-29, Mikoyan MiG-31, Tupolev Tu-22M(bomber), Tupolev Tu-95(bomber)
    Helicopter - Kamov Ka-28, Kamov Ka-50, Mil Mi-24, Mil Mi-35, Kamov Ka-226, Mil Mi-28, Mil Mi-26
    Transport - Antonov An-12, Antonov An-24, Antonov An-26, Ilyushin Il-62, Let L-410 Turbolet, Yakovlev Yak-40


    Sukhoi Su-27

    Mikoyan MiG-31

    Antonov An-72

    Ilyushin Il-76

    Sukhoi Su-25

    Sukhoi Su-35

    Mikoyan MiG-29

    Tupolev Tu-160


    Antonov An-12

    Kamov Ka-50

    Mil Mi-24/35

    Antonov An-124


    Mil Mi-28





     1. US Air Force



    ලෝක බලවතා ලෙස හඳුන්වන ඇමෙරිකා එක්සත් ජනපදය ලොව විශාලතම හා ප්‍රභලතම ගුවන් හමුදාවට හිමිකම් කියනවා. ඇති දැවැන්ත පිරිස් හා ගුවන් යානා බලයක් හිමි මේ ගුවන් හමුදාව 1947 ස්ථාපිත කර තිබෙනවා. ඇමෙරිකාව තුල ප්‍රභල මිසයිල හා මිසයිල ආරක්ෂණ පද්ධතියක්ද, ගුවන් හමුදාවට චන්ද්‍රික 32 ක්ද අයත් වෙනවා. ඇමෙරිකාව සතුව ඇති ප්‍රහාරක යානා Stealth තාක්ෂණයෙන්ද (ප්‍රහාරක යානය සතුරාට, යානා හඳුනාගැනීමේ තාක්ෂණ මගින් හඳුනාගත නොහැක ) සංනද්ධ වේ. මෙම ගුවන් හමුදාව ගැන කෙටියෙන් විස්තර ටිකක් කියන්නම්.


    Combat Aircraft - 2100+
    Total Aircraft
    -  5100+
    Personnel -  320 000 + 68,872 reserve personnel
    Chief of Staff -  Gen Norton A. Schwartz   
    Combat Aircraft - F-15C/D Eagle, F-15E Strike Eagle, F-16C/D Fighting Falcon, F-22A Raptor, F-35A Lightning II
    Helicopter -   UH-1N, HH-60
    Transport -  C-130, C-135, KC-135, C-5, C-9, KC-10, C-17, VC-25, C-32, C-37, C-21, C-12, C-40

    SR-71 Blackbird

    F-117 Nighthawk

    A-10 Thunderbolt II

    B-2 Spirit

    B-1 Lancer supersonic strategic bomber

    C-17 Globemaster III

    C-5 Galaxy

    CV-22 Osprey

    E-3 Sentry

    F-22 Raptor

    F-15E Strike Eagle






    AH-64

    AH-64

    CH-47F

    MH-53




    Related Posts Plugin for WordPress, Blogger...