Friday, October 14, 2011

The Top 10 Combat Aircraft in the World - Part2

Visit - The Top 10 Combat Aircraft in the World - Part1

5. Rafale : France








ප්‍රංශයේ Dassault Aviation සමගම විසින් නිෂ්පාදනය කරනු ලබන මෙම ප්‍රහාරක යානය Dassault Rafale යන නාමයෙන් හඳුන්වනු ලබනවා. ප්‍රංශ ගුවන් හා නාවික හමුදා විසින් ප්‍රධාන වශයෙන් භාවිතා කරන මෙම යානය 2000 වසරේ මුලින්ම හඳුන්වා දීමෙන් පසු මෙය සංස්කරණ කිහිපයක් යටතේ අද දැකගන්න පුළුවන් (Rafale B, Rafale C, Rafale M). 2400 km පමණ පියාසර පරාසයක් මේ යානය සතුව තියනවා. මීටර 400 පමණ ගුවන් ධාවන පථයක් මෙම යානය සදහා ප්‍රමාණවත්.  

මේ ප්‍රහාරක යානය ගැන කෙටියෙන් දැනගමු.
Unit Cost -  Rafale C :US$ 82 million, Rafale M : US$ 90.5 million
Combat Role - Multi Role Combat Aircraft
First Flight -  1986
Speed -  Mach 1.8
Thrust - 50kN(dry), 75kN (afterburner)
Powerplant  -  2X Snecma M88 engine
Missiles -  (Air-to-air missiles) MICA IR/EM, AIM-9 Sidewinder, AIM-132 ASRAAM, AIM-120 AMRAAM. 

4. JAS 39 Gripen : Sweden 








1997 වර්ෂයේ හඳුන්වා දුන් මේ ප්‍රහාරක යානය Swedish aerospace සමගම විසින් නිෂ්පාදනය කර මේ වන විටත් රාජ්‍යයන් කිහිපයකම ගුවන් හමුදා විසින් භාවිතා කරයි. ස්වීඩනය, දකුණු අප්‍රිකාව, හංගේරියාව වැනි රටවල් ඉන් ප්‍රධාන තැනක් ගන්නා අතර NATO සාමාජික රටවල්ද භාවිතා කරනු ලබනවා. Saab JAS 39 Gripen යන නාමයෙන් හඳුන්වන මේ ප්‍රහාරය යානයට 800 m පමණ ධාවන පථයක් ප්‍රමාණවත් වෙනවා. JAS 39 යානය අඩුබර පන්තියේ යානයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. මෙම යානයට මිසයිල 6 හා අනෙක් අවිද සහිතව 1300 km  පමණ අරයක ගුවන් පරාසක් පවත්වාගන්න හැකියාව පවතිනවා. 

මේ ප්‍රහාරක යානය ගැන කෙටියෙන් දැනගමු.
Unit Cost -  US$ 76 million
Combat Role - Multi Role Fighter
First Flight -  1988
Speed -  Mach 2 (1500 mph/ 2410 kmph) 
Gun -  1 x 27 mm Mauser BK-27 cannon
Missiles -  (Air-to-air missiles) 6 x Rb 74 or Rb 98, 4 X Rb 99, Rb71, MICA or Meteor
3. F/A - 18 Hornet : USA






ඇමෙරිකා එක්සත් ජනපදයේ McDonnell Douglas හා Northrop යන සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලබන F/A - 18 Hornet ප්‍රහාරක යානය McDonnell Douglas F/A-18 Hornet යන නාමයෙන් හඳුන්වනු ලබනවා.Supersonic යානා කාණ්ඩයට අයත් මෙය 1983 වර්ෂයේ හඳුන්වා දෙනු ලැබුවා. F/A-18A/B/C/D යන විවිධ සංස්කරණ වලින් ඇති මේ ප්‍රහාරක යානා 1480 පමණ දැනට නිෂ්පාදනය කර ඇත. මේ යානා ඇමෙරිකා නාවික හා ගුවන් හමුදාද, ස්වීඩන ගුවන් හමුදාද, රාජකීය ඕස්ට්‍රලියානු ගුවන හමුදාද විසින් ප්‍රධාන වශයෙන් භාවිතා කරනු ලබනවා. F/A - 18 Hornet ප්‍රහාරක යානා ගුවනේ හා භුමියේ ඉලක්ක වෙත ඕනෑම කාලගුණ තත්වයක් යටතේ නිවැරදිව ප්‍රහාර එල්ල කිරීමට පුළුවන්. 
මේ ප්‍රහාරක යානය ගැන කෙටියෙන් දැනගමු.
 
Unit Cost -   US$ 41 million (2008)
Combat Role - Multi Role Fighter
First Flight -  1978
Speed -  Mach 1.8
Thrust - 79 kN (afterburner)
Powerplant  -  2X  General Electric F404 engine
Gun -  1 x 20 mm M61 Vulcan cannon
Missiles - (Air-to-air) 4× AIM-9 Sidewinder or 4× AIM-132 ASRAAM or 4× IRIS-T or 4×AIM-120 AMRAAM  ,2× AIM-7 Sparrow or additional 2× AIM-120 AMRAAM
(Air-to-surface) AGM-65 Maverick, Standoff Land Attack Missile (SLAM-ER),AGM-88 HARM Anti-radiation. 


2. Typhoon : EU











Eurofighter Typhoon යන නාමයෙන් හඳුන්වන මේ ප්‍රහාරක යානය EADS, Alenia Aeronautica සහ BAE Systems සමාගම් තුන මගින් නිෂ්පාදනය කරයි. 2003 වර්ෂයේදී හඳුන්වාදුන් මේ යානය බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා, ඉතාලි ගුවන් හමුදා, ජර්මානු ගුවන් හමුදා (Luftwaffe) හා ස්පාඤ්ඤය ගුවන් හමුදා විසින් ප්‍රධාන වශයෙන් භාවිතා කරනවා. මේ වන විට මෙම යානා 260 ට වාඩා නිෂ්පාදනය කර ඇති අතර තව දුරටත් මේ යානා නිෂ්පාදනය කරමින් පවතී. යානයේ බරත් සමග 23000 kg බරක් රැගෙන ගුවන් ගත විය හැකි මේ යානය සාමාන්‍යයෙන් 16000kg (යානයේ බරත් සමග) පමණ බරක් ඔසවාගෙන මෙහෙයුම් වල යෙදේ.2900 km පමණ පියාසර පරාසයක් ඇත. 

මේ ප්‍රහාරක යානය ගැන කෙටියෙන් දැනගමු.
 
Unit Cost -   US$ 125 million
Combat Role - Multi Role Fighter
First Flight -  1994
Speed -  Mach 2 at altitude , Mach 1.2 at sea level
Thrust - 60kN (dry), 89 kN (afterburner)
Powerplant  -  2 × Eurojet EJ200 afterburning turbofan
Gun1 × 27 mm Mauser BK-27 Revolver cannon with 150 rounds
Missiles- (Air-to-air missile)AIM-9 Sidewinder,AIM-120 AMRAAM

(Air-to-surface) AGM-65 Maverick, Taurus KEPD 350, (Bomb) 500lb Pavewa 
1. F-22 Raptor : USA









F-22 ප්‍රහාරක යානය දැනට වැඩිවශයෙන් භාවිතා වන යානා අතර ප්‍රමුක ස්ථානයේ පසුවෙනවා. ඒ කියන්නේ, ලෝකේ ගුවන් හමුදා අතර වඩාත් ප්‍රචලිත යානා අතර ප්‍රමුක ස්ථානයේ පසුවෙන ප්‍රහාරක යානායි. ඇමෙරිකා  එක්සත් ජනපදයේ Lockheed Martin Aeronautics සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන මේ ප්‍රහාරක යානය 2005 වසරේදී හඳුන්වාදෙනු ලැබුවා. මෙම යානයේ ප්‍රධානතම  විශේෂත්වය වන්නේ stealth තාක්‍ෂණයයි. Stealth technology කියල කියන්නේ සතුරාට මේ යානය නොපෙනීමේ තාක්‍ෂණයයි. රේඩාර් තාක්‍ෂණය හෝ අධෝරක්ත තාක්‍ෂණය හෝ සෝනා තාක්‍ෂණය හෝ අනෙකුත් ගුවන්යානා හඳුනාගැනීමේ ලොව දැනට භාවිතා වන තාක්‍ෂණ හෝ යන කිසිදු ක්‍රමයකට හඳුනාගත නොහැකි මේ ප්‍රහාරක යානය ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදා විසින් භාවිතා කරයි. දැනට මෙම යානා 173 පමණ නිෂ්පාදන කර ඇත. යානයේ බරත් සමග 38000 kg බරක් රැගෙන ගුවන් ගත විය හැකි මේ යානය සාමාන්‍යයෙන් 29300 kg (යානයේ බරත් සමග) පමණ බරක් ඔසවාගෙන මෙහෙයුම් වල යෙදේ.2960 km පමණ පියාසර පරාසයක් ඇති ප්‍රහාරක යානයට 8200 kg පමණ අභ්‍යන්තර ඉන්ධන ධාරිතාවයක් ඇත. 
මේ ප්‍රහාරක යානය ගැන කෙටියෙන් දැනගමු.
 
Unit Cost -   US$ 150 million (2009)
Combat Role - Stealth air superiority fighter
First Flight -  1997
Speed -  Mach 2.25 (>2415 kmph) at altitude , Mach 1.2 at sea level
Thrust - Single Engine : 104 kN (dry), 156 kN (afterburner)
Powerplant  -  2 × Pratt & Whitney F119-PW-100 Pitch Thrust vectoring turbofans
Gun1× 20 mm M61A2 Vulcan 6-barreled gatling cannon
Missiles- (Air-to-air missile)    6× AIM-120 AMRAAM, 2× AIM-9 Sidewinder
(Air-to-ground) 2× AIM-120 AMRAAM , 2× AIM-9 Sidewinder

මේ ලිපියෙන් ඉදිරිපත් කල ප්‍රහාරක යානා 10 ට අමතරව මේ සියලුම යානා වලට වාඩා බලවත් ප්‍රහාරක යානාත් තියනවා. ඒත් මෙම යානාවල ජනප්‍රියතත්වය අඩු අතර ඊට හේතුව මෙම යානාවල මිල ඉතා ඉහල අගයක් ගැනීමයි. මම ඉන් එක් යානයක් ගැන විස්තර ටිකක් කියන්නම්. වැඩි විස්තර ඉදිරි ලිපි වලදී ඉදිරිපත් කරන්නම්. 
 B-2 Spirit


මෙය ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදා සතු මේ ප්‍රහාරක යානය ප්‍රභල හා විශාල බෝම්බ, මෙහෙයුම් වලදී විශාල ප්‍රමාණයෙන් හෙලීමට භාවිත කරයි. 1997 වර්ෂයේ හඳුන්වාදුන් මේ යානය දැනට 21 පමණ නිෂ්පාදනය කර ඇත. 11,000 km පමණ අතිදැවැන්ත පියාසර පරාසයක් හිමි මේ යානයට සාමාන්‍යයෙන් 152,200 kg පමණ දැවැන්ත බරක් රැගෙන මෙහෙයුම් වල යෙදිය හැක. (Northrop Corporation, Northrop Grumman යන සමාගම් මගින් නිෂ්පාදනය කරයි). B-2 Spirit යානයේ තවත් විශේෂත්වයක් වන්නේ මෙම යානයට න්‍යෂ්ඨික බෝම්බ රැගෙන යමේ හා ඉලක්ක වෙත ඒවා යොමු කිරීමේ හැකියාවක් පැවතීමයි. මෙම ප්‍රහාරක බෝම්බ හෙලීමේ යානයද Stealth තාක්ෂණයෙන්ද සංනද්ධ වේ. 
Unit Cost -   US$ 737 million (1997), today US$1 billion
Combat Role - Stealth bomber
First Flight 1989
Speed -  Mach 0.95 (>1010kmph) at altitude
Thrust - Single Engine : 104 kN (dry), 156 kN (afterburner)
Powerplant  -   4 × General Electric F118-GE-100 non-afterburning turbofans
Armament -  80× 500 lb class bombs (Mk-82) mounted on Bomb Rack Assembly (BRA), 36× 750 lb CBU class bombs on BRA, 16× 2000 lb class weapons (Mk-84, JDAM-84, JDAM-102) mounted on Rotary Launcher Assembly (RLA), 16× B61 or B83 nuclear weapons on RLA 
         

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...