Thursday, October 13, 2011

USAF F - 16 Fighting Falcon (Combat Aircraft)

ඇමෙරිකා එක්සත් ජනපදයේ නාවික හමුදව සතු CVN 68 කියන ප්‍රහාරක ගුවන් යානා රැගෙන යන නෞකාව ගෙන මගේ පළවෙනි  පොස්ට් ඒකෙන විස්තර ටිකක් කිවුවනි. ඒ වගේ තව යුධ නෞකා ගැන විස්තර ගොඩක් තියනව කියන්න. එත් එකම විදිහ දේවල් කියවන්න බෝරින්ග් වගේ හින්දා, වෙන පැත්තක ගෙන කතා කරන්න හිතුව. අපි දැන් මුහුදෙන් අහසට යන්න හදන්නේ. ඒ කියන්නේ ප්‍රබල රටවල ගුවන් හමුදා සතු F-16 කියන ප්‍රහාරක යානාව ( Combat Aircraft )ගැන විස්තර ටිකක් ඔබේ දැනුමට එකතු කරන්න හදන්නේ. 

මෙම F-16 ප්‍රහරක ගුවන්යානා General Dynamics F-16 Flighting Falcon ලෙස හදුන්වනවා. එකේ තේරුම තමා "පියාසර උකුස්ස" කියන එක. මේ යානා වැඩිපුරම භාවිතා කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය. General Dynamics තමා මෙම යානා නිෂ්පාදනය කරන සංස්ථාව. මෙය ඇමෙරිකා එක්සත් ජනපදයේ ගුවන් හමුදවට සම්බන්ධ අයතනයක්. 2008 වර්ෂයේ ලෝකේම ඉන්න ආරක්ෂක උපකරණ නිෂ්පාදන කොන්ත්‍රාත්කරුවන්ගෙන් (Defense Contractors) පස්වන විශාලතම සමගම විදිහට හදුන්වලා තියනවා. ඒ වගේම තමා මේ යානය Lockheed Martin කියන ආයතනව මඟින්ද නිෂ්පාදනය කරනු ලබනවා. 


F-16 Fighting Falcon
මේ තියෙන්නේ F-16  යානාවක් පියාසර කරන අවස්ථාවක ගත්ත පින්තුරයක්.

F-16 ප්‍රහාරක යානය මුලින්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ 1974. පසුව 1976 මෙම යානාව සඳහා අනුමැතිය ලෙබි තිබෙනවා. 1978 අගෝස්තු 17 වෙනිදා මෙම ප්‍රහාරක යනවා වෙළදපලට හඳුන්වාදීලා තියනවා. එදා ඉදලා අද වෙනකන් මේ ප්‍රහාරක යානා 4400 ට වඩා නිෂ්පාදනය කරලා තියනවා. 1978 න් පස්සේ මෙම යානයට  නව තාක්ෂනයන් එකතු වෙලා, මෙම ප්‍රහාරක යානයේ විවිධ සංස්කරණ වෙළදපලට ආවා. ඒ අතරින් F-16 A/B හා F-16 C/D කියන සංස්කරණ දෙක වෙළදපලේ වඩාත් ජනප්‍රියයි. මෙම ප්‍රහාරක යානා වල වැඩිම භාවිතය තියෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ගුවන් හමුදව සතුවයි. ඊට අමතරව F-16 යානා, රටවල් 25 ක විතර භාවිතා කරනවා. මේ අතරින් NATO සංවිදානයේ සාමාජික රටවල්, මැදපෙරදිග සමහරක් රටවල්, ආසියාවේ රටවල් කිහිපයක් ( ඉන්දුනීසියාව, පකිස්ථානය, තායිලන්තය, දකුණු කොරියාව, .............  ) මෙම ප්‍රහාරක යන භාවිතා කරනවා. හැබැයි, ශ්‍රී ලංකාවේ ගුවන් හමුදවේ නම් මේ යානා භාවිතා වෙන්නේ නෑ. මේ වගේ යානා වල මිල අධික වීම තම ප්‍රධාන හේතුව. ඒ වගේම තමා මේ යානා ගොඩක් වේලාවට යොදාගන්නවා සතුරු ප්‍රහාරක යානා විනාශ කිරීම සඳහා. LTTE සංවිධානය සතුව ප්‍රහාරක යානා නොතිබීම, F-16 වගේ ප්‍රහාරක යානා වල අවශ්‍යතව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට දැනෙන්නේ නැහැ. මොකද, LTTE සංවිධානයේ සතුරු කඳවුරු විනාස කරන්නට, මිග්, කෆීර්, එම අයි 24 වගේ යානා හොඳටම ප්‍රමාණවත් වුනා. (මේ වගේ යානා ගෙන තොරතුරු ඉදිරි ලිපි වලදී බලමු )  

මේ  තියෙන්නේ F-16 යානයේ විවිධ සංස්කරණ වල පින්තූර කිහිපයක්.................













මේ ප්‍රහාරක යානය ගැන තව තොරතුරු දැනගන්න කැමති නේද? මම කලින් පොස්ට් එකේ වගේම ඒ තොරතුරු ටික කෙටියෙන් ඉදිරිපත් කරන්නම්. 

ප්‍රහාරක යානයේ විශාලත්වය        

Length -   14.8 m (15m) (49.5 f)

Wingspan -  9.8 m (10m) (32.7 f)
Height -  4.8 m (16 f)

Flight Weight (Empty) -  8663 kg (F -16 C) (Some versions 9100 kg)
Maximum Takeoff Weight -  16,900 kg

යානයේ වේගය

Speed -  1500 mph (2415 kmph) (Mach 2 at altitude) : (Mach 1 = 1225 kmph)

යානයට බලය 

මෙම යානා සඳහා බලය සැපයෙන්නේ තනි එන්ජිමක් මගිනි (single - engined).මේ  යානා සඳහා එන්ජින් වර්ග කිහිපයක් භාවිතා කරයි. Pratt and Whitney F100-PW-200/220/229  යනු ඉන් afterburning turbo-fan මාදිලි කිහිපයකි. ඒ වගේම General Electric F110-GE-100/129 (114.5 kN - 129.4 kN) යනු තවත් එන්ජින් මාදිලි කිහිපයකි.

යානයේ මිල 

   F-16 A/B -  US$ 14.6 million 
   F-16 C/D -  US$ 18.8 million

F -16 ගැන විශේෂ තොරතුරු 

මේ ප්‍රහාරක යානයට 2000 miles (3600 km) පමණ පියාසර පරාසයක් තියනවා. ඒත් මෙහි සම්පුර්ණ අවි බර පැටවීමෙන් පසු පියාසර පරාසය 500 miles (800 km) පමණ වෙනවා. මීට වසර 30 පමණ පෙර නිපදවූ මේ යානය තවමත් ඉතා ඉහල විශ්වාසනීය ප්‍රහාරක යානාවක් ලෙස හැදින්වෙනවා. ඒ වගේම මෙම යානාව සාපේක්ෂව, නිෂ්පාදනයට අඩු මිලක් වැයවන හා ඉතා පහසුවෙන් නඩත්තු කල හැකි යුධ අවියක් ලෙස සැලකෙනවා. මෙම යානා භාවිතා කර යුධ මෙහෙයුම් සිදු කිරීම සාපේක්ෂව, ලාබදායක ක්‍රමයක් ලෙසද සැලකේ. මෙම යානාවල ( බඳ ) සැකිල්ල (Airframe) නිපදවීම සඳහා 80% පමණ aviation-grade Aluminum alloys ද, 8% Steel ද, 3% Composites ද හා 1.5% Titanium ද භාවිතා කරයි. මෙම යානාවලට අඩි පනස්දහසක් (50,000 f) තරම් ඉහල අහසේ සිට වුවද මෙහෙයුම් සිදුකල හැක.
Structure of F-16
 F-16 ප්‍රහාරක යානයේ භාවිතා වන යුධ අවි
 
  • GBU 12/24 - මෙය අවි (බෝම්බය) ලේසර් කිරණ හා GPS තාක්ෂනය මගින් ලබා දෙන ඉලක්කයක් වෙත පහසුවෙන් ලඟාවේ. GBU 12 - 500 lb , GBU 24 2000 lb. මෙම අවිය තුල බෝම්යක් සහිතව ගමනාන්තයට රේගෙන යන අනෙකුත් කොටස් අඩංගු වේ (laser detector, GPS antenna,.........).
  • AIM-120 AMRAAM - මෙය මධ්‍යම පරසයිය මිසයිලයක් වන අතර එහි උපරිම පරාසය 50 km සිට 70 km පමණ වේ. මෙම මිසයිලයක් ඉලක්කයක් ලබා දී නිදහස් කල පසු ස්වංක්‍රීය නියමුවෙකු (Auto pilot) ක්‍රියාත්මක වී, ඉලක්කය වෙත Active RADAR Target Detection හෝQuadrant Target Detection හෝ යන තාක්ෂණ භාවිතාකර ලගවේ.මිල US$ 300,000 - US$400,000.

  • JSOW - Joint Standoff Weapon - F-16 යානාවල AGM-154 JSOW බෝම්බ වර්ගය භාවිතා කරනවා. මේවා  Glide bomb කියන කාණ්ඩයට අයත් වෙනවා. 450 kg පමණ බර මේ බෝම්බයේ  මිල US$282,000 - US$720,000 අතර පරාසයේ වේ. මෙයද මධ්‍යම පරාසයේ අවියකි (22km - 130km). 

  • M61A - මෙය ස්වංක්‍රීය විදුලිය  භාවිතයෙන් ක්‍රියාත්මක වන අවියක් වේ. මෙය Six-barreled Gatling-style rotary cannon ලෙස හදුන්වයි. එනම් මෙය ස්වංක්‍රීය භ්‍රමණ කාලතුවක්කුවක ලෙස හැදින්විය හැක. 1946 මුලින්ම මෙම අවිය නිපදව ඇත්තේ General Electric සමාගම මගිනි. මෙහි වෙඩිතැබීමේ ශීඝ්‍රතාව 6000 rpm (rounds per minutes) (112 kg) සහ 6600 rpm (92 kg) ලෙස මාදිලි දෙකක් තිබේ. 
මේ වගේ තව අවි කිහිපයක්ම F-16  තුල බවිත වෙනවා. මම විස්තර ඉදිරිපත්කලේ එකිනෙකට වෙනස් අවි කිහිපයක් ගැන. මේ වගේ තවත් ප්‍රහාරක යානා ගැන විස්තර ටිකක් තවත් පොස්ට් එකකින් බලමු.

    No comments:

    Post a Comment

    Related Posts Plugin for WordPress, Blogger...