Wednesday, October 12, 2011

USS Nimitz (CVN 68) Aircraft Carrier

ඇමරිකා එක්සත් ජනපදය කියන්නේ ලෝක බලවතා විදිහට ලෝකෙම අය හදුන්වන රටයි. ඇමෙරිකාව ගැන කතා කරනකොට අපිට කතා නොකරන්නම බේරී දෙයක් තමා ඇමෙරිකාවේ යුධ බලය. ලෝකේ කිසිම රටකට නොදෙවිනි යුධ බලයක ඇමෙරිකාව සතුව තිබෙනවා. මගේ මේ අලුත්ම බ්ලොග් එකේ කුලුදුල් පොස්ට් එක විදිහට ඇමෙරිකා නාවික හමුදව සතු ලොව විශාලතම යුධ නෞකා කණ්ඩයට අයත්  USS Nimitz (CVN 68) කියන ප්‍රහාරක ගුවන් යානා රැගෙන යාහැකි නෞකාව ගෙන විස්තර ටිකක් කියනවා. මේ දේවල් කියන්නේ හුදෙක් වූ දැනුම සදහා පමණි. මේ වගේ දැවැන්ත නෞකා දෙවන ලෝක යුධ සමයේ සිට භාවිතා කරනවා. මෙහි මුල්ම භාවිතයේ සිට මේ වෙනතුරු මේ වගේ නෞකා වලින් කරලා තියෙන විනාශය මෙතෙකයි කියල කියන්න බෑ. ඒක හින්දා මේ වගේ යුධ නෞකා ගෙන දැනගත්තට කමක් නෑ, මේවගේ දේවල් අනාගතේ අපිට දකින්න නොලැබේවායි අපි කුවුරුත් ප්‍රර්ථනා කරමු. 


හොදයි, වැඩියා කතා ඕනෑ නෑ. අපි වැඩේට බහිමු.................................

USS Nimitz (CVN 68)

මේ තියෙන්නේ USS Nimitz (CVN 68) කියන යුධ නෞකාව.


මේ  දැවැන්ත පාවෙන ගුවන් පථය නිෂ්පාදනය කරන්න පටන්ගන තියෙන්නේ 1967. මේ නැව මුලින්ම දියයත් කරලා තියෙන්නේ 1972, CVAN-68 කියන නමින්. හැබැයි 1975, මේ නෞකාව  CVN 68 (nuclear-powered multimission aircraft carrier) විදිහට නම කරලා තමයි වැඩ ආරම්භ කරලා තියෙන්නේ. මේ නෞකාවට බලය ලබාගන්නේ න්‍යෂ්ඨික ශක්තිය මගිනි.  USS Nimit - CVN 68 නෞකාව ප්‍රභල ප්‍රහාරක ගුවන් යනා හා හෙලිකොප්ටර් යනා විශල ප්‍රමාණයක් රැගෙන, සමුද්‍රයේ සැරිසරමින් ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂාව තහවුරු කරයි.   





Inside of USS Nimitz (CVN 68)




    ‌
මේ පින්තුර ටික බලනකොට CVN 68 ගෙන ටිකක් ආසා හිතෙනවා නේද?. මේ පින්තුර ටික හොයාගත්තේ අන්තර්ජාලයෙන්ම තමා. මේ පින්තුර අරන් තියෙන්නේ මේ යුධ නෞකාවේ විවිධ ගමනාන්තවලදී. මොනවා වුනත්   මේ පින්තුර ටික බලද්දී නෞකාව ගැන තව තොරතුරු දැනගන්න කුතුහලය ඇවිස්සෙනව නේද?. හොදයි, මම මේ යුද නැව ගැන විස්තර ටිකක් කියනම්. ඒ කියන්නේ විශාලත්වය, නැවේ යුධ ශක්තිය වගේ දේවල්.


නැවේ විශාලත්වය



Overall Length -  332.8 m (1,092 f)
Waterline Length -  317.0 m (1,040 f)
Overall Beam -  76.8 m (252 f)
Maximum navigational Draft -  11.3 m (37 f)
Displacement -  approximately 100,000 tons of water
bigger than three football fields


නැවට බලය


Engine -  2 × Westinghouse A4W nuclear reactors
              4 × steam turbines
              4 × shafts


Engine Power -  260,000 hp (194 MW)


නැවේ වේගය


Speed -  approximately 30 knots (56kmph) : (1 knot = 1.852 kmph)


නැවේ මිල


Cost -  US$6.2 billion




නැවේ  ගෙනයා හැකි දේ




Sailors -  approximately 6000 Sailors
Aircraft -  80 Combat Aircraft


යුධ නෞකාවේ වෙනත් විශේෂ තොරතුරු 

මේ  ආකාරයේ යුධ නෞකා වල ගුවන් පථ ( Runways ) දෙකක් තියනවා. මේ පථ විවිධ වර්ගයේ ප්‍රහාරක ගුවන් යන (Combat Aircarft) ගුවන් ගත කිරීමට භාවිත කරනු ලබනවා. මේවා දිගු හා කෙටි ගුවන් පථ දෙකකින් සමන්විතයි. මෙම ගුවන් පථ දෙකත් එක්ක නැවේ ඉහල තට්ටුව අක්කර 4.5 විතර විශාලයි. ඒ වගේම තමයි මේ යුධ නැව 6000 විතර නාවිකයන් පිරිසක් හා නාවිකයන්ට ආහාරත් එක්ක දින 70 විතර මුහුදු ගමනකට වුනත් ලෑස්තියි. මේ ගුවන් යනා රැගෙන යන යුධ නෞකාවේම මුහුදු ජලයෙන් පිරිසිදු ජලය ලබාගත හැකි ජල පවිත්ත්‍රාගාරයක් (Desalination Plant) ස්ථාපිත කරලා තියනවා. එය මගින් දිනකට ජල ගැලුම් මිලියන භගයක් විතර පිරිසිදු කරනවා. 

USS Nimitz නෞකාවට ගුවන් යනා 100 පමණ නැවතා තැබීමේ හැකියාවක් තිබෙනවා. මෙම සාමාන්‍ය හා ප්‍රහාරක ගුවන් යානා වල ඉන්ධන පරිභෝජනය ඉහල අගයක් ගන්නවා. ඒක නිසා මෙම නෞකාව තුල ගැලුම් මිලියන 3 විතර ගුවන් යානා ඉන්ධන ගබඩා කිරිමේ පහසුකම් තියනවා. ඒත් මේ ඉන්ධන තොගය ප්‍රමාණවත් වෙන්නේ ඒක දිගට කරන ගුවන් මෙහෙයුමක නම් දින 16 විතර කාලයන් සදහා පමණයි.      


මේක මගේ පළමුවෙනි බ්ලොග් පොස්ට් එක. ඒක හින්දා කියාවන අය මේකේ හොද නරක, මොනවද තව වැඩිදියුණු වෙන්න ඕනෑ කියල කොමෙන්ට් (Comment) එකක් දල යන්න අමතක කරන්න එපා. Please......................

1 comment:

  1. මච0 වැඩේනම් එල. තව පොස් දැමු.........

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...